මෙම ඩෙංගු මර්ධන වැඩසටහන නිවාස 2263ක්, රාජ්‍ය ආයතන 05ක්, පෞද්ගලික ආයතන 44ක් සහ ප්‍රදේශයේ පොදු ස්ථාන 19ක් ආවරණය වන පරිදි සිදු කරන ලද අතර ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ සිදු කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සංවිධාන රාශියක් ම සහයෝගය දක්වන ලදී.
ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ආරක්‍ෂක හමුදාවන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක හමුදාවන්හි ද සහයෝගය ලබා දී තිබිණ.
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මෙම ඩෙංගු මර්ධන වැඩසටහන උදෑසන 9.30 සිට පස්වරු 2.30 පමණ සිදු කරන ලද අතර ඒ සඳහා යුද, නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් ද ඇතුළු ව 3000ක පමණ පිරිසක් සහභාගි වූහ.
DB