නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ටැබ්ලට් පරිගණක ලබා දීම ඇරඹේ

    මැයි 27, 2015

    ක්ෂේත්‍ර රාජකාරී හේතුවෙන් සැලකිය යුතු කාල සීමාවක් කාර්යාලයෙන් බැහැරව රාජකාරී කටයුතු කිරීමට හා නොයෙකුත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ආදී ආයතන සමඟ නිරන්තර සම්බන්ධීකරණය කිරීමට විධායක මට්ටමේ රාජ්‍ය නිලධාරීන් හට සිදුවේ. එවැනි නිලධාරීන්ට ජංගම කාර්යාල (Office on the move) සංකල්පය මත ස්වකීය කාර්යාලය හා අනෙකුත් ආයතන සම්බන්ධීකරණය පහසු කිරීම පිණිස ටැබ්ලට් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඊයේ (25) විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් ටැබ්ලට් පරිගණක ලබා දෙන ලදී.

     

    රාජ්‍ය ජාලය හා සමමුහුර්ත කිරීම මඟින් අනෙකුත් අමාත්‍යාංශ හා දිසාපතිවරුන්ගේ ජාලය සමඟ පහසු සම්බන්ධීකරණය මත මහජන හිතකාමීව හා කාර්යක්ෂම අයුරින් සේවාවන් සැපයීමට පහසුකම් සැලසීම මෙහි ප්‍රමුඛතම අරමුණයි.

     

    නිරන්තරයෙන්ම තම දිස්ත්‍රික්කය පුරා රාජකාරී කටයුතු උදෙසා ගමන් කිරීමට සිදුවීම හා විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල අතිරේක ප්‍රධානී තනතුරු හෙබවීම  හේතුවෙන් රාජ්‍ය සංවර්ධන ක්‍රියාදාමයේ දිස්ත්‍රික් නියමුවන් ලෙස නිරන්තරයෙන් සාකච්ඡා හා රැස්වීම් සඳහා සහභාගී වීමට සිදුවීම තුල ස්වකීය නිලධාරීන් හා සම්බන්ධීකරණය පහසු කිරීම මඟින් පුරවැසි කේන්ද්‍රීය සේවාවන් සැපයීම අරමුණුකොට ගෙන පළමු අදියරෙහිදී මෙම උපකරණ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට තීරණය කොට ඇත.

     

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙතද මෙලෙස ජාලගත කරන ලද ටැබ්ලට් පරිගණකයක් ලබා දුන් අතර ඉදිරියේදී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා ස්වදේශ කටයතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය ලංකා රාජ්‍ය ජාලය (LGN) උපයෝගී කොට ගනිමින් “කඩදාසි රහිත කාර්යාලය” (Paperless office) සංකල්පය යටතේ සිදු කෙරෙනු ඇත.

     

    මෙහි දෙවැනි අදියර ලෙස දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හටද මෙම පරිගණක ලබා දීමට අපේක්ෂා කරන බවට මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්විණි.

     

    විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ විෂය භාර අමාත්‍යාංශය වන විදේශ කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට ගැනෙන මොබිටෙල් ආයතනය මඟින් මේ සඳහා සුවිශේෂ දත්ත පැකේජයක් ලබා දීම මඟින් අනුග්‍රාහකත්වය සපයා ඇත.

     

    මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීස්වර මහත්මිය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස මහතා, විදුලි සංද්ශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya