අමාත්‍යවරයා අද (23) මේ බව රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ, නව රජයේ දින 100 වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.
එමෙන් ම ප්‍රධාන පොරොන්දුවක් වන 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ සේ කැප වුණා.
ඒ ප්‍රතිඵල දැන් පෙනෙන්නට තිබෙනවා. එමෙන් ම නව මැතිවරණ ක්‍රමය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැප වී කටයුතු කළා.
නව රජයේ සහන ලබාදීමේ වැඩපිළිවෙල බොහෝ සේ සාර්ථක වී තිබෙනවා. ඉන්ධන මිල පහළ දැමීම,ගෑස් මිල අඩු කිරීම,ජනතාවගේ අතේ මුදල් ගැවසීම,වැටුප් වැඩි කිරීම, වී මිල වැඩි කිරීම පෙන්වා දෙන්නට පුළුවන්.
නව රජයේ හොඳ වැඩ සඳහා සහාය ලබාදෙනවා. ආණ්ඩුවේ ඇතුළේ සිටිමින් හොරු රකින්න නම් කටයුතු කරන්නේ නැතැයි ද අමාත්‍යවරයා පැවසී ය.