සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ “සැමට සහන”ව්‍යාපෘතිය යටතේ ඉදි කළ වලස්මුල්ල, කැකිරිවත්ත පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි.
වලස්මුල්ල, නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ජීවත්වන ජනතාවගේ දිර්ඝ කාලීන පානීය ජල ගැටලුවට විසදුමක් ලෙස මෙම ජල යෝජනා ක්‍රමය ඉදිකර තිබේ. නිවාස හා සමෘද්ධි අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත රුපියල් 94,000ක මුදලක් මේ සඳහා වැය කොට තිබේ.
“සැමට සහන” ව්‍යාපෘතිය යටතේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ උපදෙස් මත හම්බන්තොට
දිස්ත්‍රික්කයේ පානීය ජල ව්‍යාපෘති 115ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ 350ක ප්‍රතිපාදන මේ වන විට වෙන්කර තිබේ.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, ප්‍රදේශවාසිහු ඇතුළු පිරිසක් සහභාගි වුහ.
DB