2014 වර්ෂයේ නිෂ්පාදන කටයුතුවල දී දක්ෂතා දැක් වූ සෙසු නිලයන් 30 දෙනෙකුට මෙහිදී සම්මාන ප්‍රදානය කෙරිණි.
මෙම සම්මාන ප්‍රදානෝත්සවයෙ හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සහභාගී විය.
කර්මාන්ත ශාලාවල සේවය කරන සෙබළුන්ගේ ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් මෙම වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වනු ලබන අතර රණ විරු ඇපරල්ස් හි කළමනාකරණ මණ්ඩලයේ සභාපතිත්වය දරන මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙහි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඊ.එම්.ජී. වික්‍රමනායක මහතාගේ සංවිධායකත්වයෙන් මෙය පැවැත්විණි.
සාම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් දැල්වීමෙන් අනතුරුව මිය ගිය රණ විරුවන් සිහිපත් කොට විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට සියලු දෙනා එක්වූහ. දක්ෂතා දැක් වූ රණ විරුවන් සඳහා සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රුපියල් දසදහස බැගින් වටිනා තෑගි වවුචර් ද ප්‍රදානය කෙරිණි. මෙහිදී නවතමයෙන් නිෂ්පාදිත කමිස එළිදැක්වීමක් ද සිදු විය.
මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොල, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, පුනරුත්ථාපන අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒ.එස්. ද ඉසෙඩ් වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, රණ විරු ඇපරල් කළමනාකරණ මණ්ඩලයේ අධ්‍යක්ෂවරු, සම්භාවනිය අමුත්තන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
NDH