මෙම ජනතාවගේ අවශ්‍යතාවන් වටහාගත් 12 වන සේනාංකයේ සේනාංකාධිපති වන බ්‍රිගේඩියර් ඩබ්.ඒ.එන්.එම්. වීරසිංහ මහතා, 121 බල සේනාව සහ ඉහත ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධකර ගෙන පසුගියදා මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හා සියඹලාණ්ඩුව පල්ලේවෙල ද්විතීයක විද්‍යාලයේදී වෛද්‍ය සායනයක් පවත්වන ලදී. මේ සඳහා විශේෂඥ වෛද්‍ය ආචාර්ය අනුලා විජේසුන්දර මහත්මිය ප්‍රමුඛ විශේෂඥ වෛද්‍යවරුන් 06 දෙනෙක් හා ඖෂධවේදීහු ද “ජයග්‍රහණය - කොළඹ පදනම“හි සාමාජික සාමාජිකාවෝ ද සහභාගී වූහ.
මෙම වෛද්‍ය සායනය මඟින් නොයෙකුත් ලෙඩ රෝගවලින් පෙළෙන රෝගීන් 1500කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබාගත් අතර මිලියනයකට ආසන්න ඖෂධ ද ඔවුන්ට නොමිලේ ලබා දුනි. ඇස් පෙනීමේ දුර්වලතා ඇති 200 දෙනෙකු සඳහා ඇස් කණ්ණාඩි ද රෙදිපිළි හා පාසල් ළමුන් සඳහා පොත්පත් ද නොමිලේ ලබාදෙන ලදී. මෙම සමාජ සත්කාරක ක්‍රියාව ඉහත ගම්මානයන් හි ජීවත් වන දුගී දුප්පත් අසරණ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට මහඟු පිටුවහලක් වූ බව 12 වන සේනාංකයේ සේනාංකාධිපති වන බ්‍රිගේඩියර් ඩබ්.ඒ.එන්.එම්. වීරසිංහ මහතා පැවසීය.
NDH