නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි නිලධාරීන් දේශපාලන කුලී හේවායින් වු යුගය අවසන්

    අප්‍රේල් 06, 2015
    සමෘද්ධි නිලධාරීන් දේශපාලන කුලී හේවායින් වු යුගය වර්තමානයේ දී අවසන් වී ඇති බවත් සමෘද්ධි නිලධාරීන්ට තෘප්තිමත්ව සිය රාජකාරී කටයුතු සිදු කිරීමේ පසුබිම වත්මන් පාලන තන්ත්‍රය තුළ ගොඩනැගෙමින් ඇති බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
      
    පසුගිය පාලන සමයේ දී සමෘද්ධි නිලධාරීන්ට අහිමි වු සේවා වරප්‍රසාද නැවත එම නිලධාරීන් වෙත ලබාදීමට තමා කටයුතු කරන බවද අමාත්‍යවරයා  පැවසීය. 
     
    මෛත්‍රී පාලනයක් යටතේ රට තුළ ගොඩනැගී පවතින නව දේශපාලන මොඩලය ඔස්සේ රටේ අනාගතය සුබවාදි වන බවද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
     
    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “දිරිය සවිය ” අඩු පොලී ණය යෝජනා ක්‍රමය යටතේ බෙලිඅත්ත, දිවිනැගුම ප්‍රජා මූල බැංකු කලාපයේ  අඩු ආදායම්ලාභී ප්‍රජාව සඳහා ණය මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිණි. මෙම උත්සවය බෙලිඅත්ත, සිරි සුනන්ද විහාරස්ථානයේ දී පැවැත්විණ. 
     
    අඩු ආදායම්ලාභී පවුල් 205ක් සඳහා රුපියල් 100,000 බැගින් වු “දිරිය සවිය” අඩු පොළි ණය මෙදින ප්‍රදානය කෙරිණ.
     
    මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ,  දකුණු පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදආරච්චි, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා (බැංකු මුල්‍ය) සුනන්දා පියසීලි, හම්බන්තොට දිස්ත්‍රික් දිවි නැගුම අධ්‍යක්ෂ ජගත් රෝහණ යන මහත්ම මහත්මීහු, ප්‍රාදේශීය මහජන නියෝජිතයෝ,  ප්‍රතිලාභිහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya