මෙහිදී දූපත් අවුරුදු 30 සිට - 99 දක්වා කාලයකට පෞද්ගලික අංශයට කල් බදු ලෙස ලබාදෙනු ලැබේ. මීට පෙර කල්පිටිය දූපත් 14න් තුනක් ආයෝජකයින් සඳහා බදු පදනම මත ලබා දී තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරල් මල්රාජ් කිරිඇල්ල මහතා බිස්නස් ටයිම්ස් වෙත පවසා ඇති ආකාරයට එම ඉඩම් බදුදීමට පෙර කල්පිටිය දූපත් ආශ්‍රිතව දිගුකාලීනව ජලය, විදුලිය හා ප්‍රවාහන, වැනි යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇත.
එසේම ඉඩම් හා ජීවනෝපාය අහිමි වීම පිළිබඳව එහි වෙසෙන ධීවර ජනතාව සමග සාකච්ඡා කර සුහදශීලි විසඳුමකට පැමිණීම ගැන ද අවධානය යොමුකිරීමට අපේක්ෂා කෙරේ.
මේවන විට බලධාරීන් මෙම ව්‍යාපෘතියේ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඉඩම් බදු දීම හා යටිතල පහසුකම් සංවර්ධනයට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කෙරෙහි ද අවධානය යොමුව ඇත.
SDF