නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    UN සහකාර මහ ලේකම් රජයේ ප‍්‍රමුඛ නායකයන් හමුවේ

    අප්‍රේල් 06, 2015

    ශ‍්‍රී ලංකාවේ චාරිකාවේ නිරත එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් හා UNDP ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂ හවුලියැං සු මහතා රජයේ ප‍්‍රමුඛ නායකයන් සහ තමන් 2014 වසරේ දිවයිනේ චාරිකා කළ අවස්ථාවේ දියත් කළ UNDP ආයතනය විසින් ක‍්‍රියාත්මක SELAJSI (නීතිය බලාත්මක කිරීම, යුක්ති දාමයට සමාන ප‍්‍රවේශය සහ සමාජ ඒකාබද්ධතාව ශක්තිමත් කිරීම) වැඩ සටහනේ හවුල්කරුවන් හමු විය.

     

    මෙම හමුවේ දී සු මහතා අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම, ලිංගික හා ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවය පදනම් කර ගත් ප‍්‍රචණ්ඩත්වයට ප‍්‍රතිචාර දැක්වීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල හැකියාවන් වැඩි දියුණු කිරීම සහ සමාජ ඒකාබද්ධතාව හා ප‍්‍රතිසන්ධානය ප‍්‍රවර්ධනය කිරීම පිණිස රජය දරන පරිශ‍්‍රමයන්හි දී UNDP ආයතනය අඛණ්ඩව සහාය දෙන බව ද ප‍්‍රකාශ කළේ ය.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya