යුද්ධයෙන් ආබාධිත වූ සිවිල් ජනතාව පිළිබඳ ව විශේෂ සංගණනයක් සිදු කරන ලෙස හමුදා නිලධාරින්ට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරයා ආබාධිත වූ අය පිළිබඳ ව නිවැරදි සංඛ්‍යා ලේඛන දැනට රජය සතුව නොමැති බව සඳහන් කළ අතර ආබාධිත වැසියන්ට අත දීමේ සමාජ සත්කාරය සහ පුනරුත්ථාපනය සම්බන්ධයෙන් පළපුරුද්දක් ඇති හමුදාව මෙම සංගණනය සඳහා වඩා සුදුසු බවද මෙහිදී පවසා සිටියේය.
එසේම කාන්තා ගෘහ මූලිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් ජාතික මධ්‍යස්ථානයක් කිලිනොච්චියේ ආරම්භ කරන බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා ඉරණමඩු ඇතුළු ජලාශ පුළුල් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා කළේය.
මෙම අවස්ථාවට නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන්, කිලිනොච්චියේ දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.
DB