නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලැබූ සිසුවන්

    මාර්තු 30, 2015
    2014 සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලැබූ සිසුන් අතුරින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ එල්. තරිඳු නිර්මාල් වික‍්‍රමසිංහ සිසුවා සමත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    දෙවන ස්ථානය ගම්පහ සිරිකුරුස විදුහලේ ඩබ්.ඒ. සඳනි නවංජනා ජයවර්ධන සිසුවිය ලබා ගෙන ඇති අතර තෙවන ස්ථානය සඳහා තිදෙනෙකු තේරීපත්ව ඇත.
     
    කොළඹ විශාකා බාලිකා මහා විද්‍යාලයේ ඩී.එස්.සී. අමාෂි නිවර්තනා,  ගම්පහ රත්නාවලි බාලිකා මහා විද්‍යාලයේ එස්.ඒ. නුවනි නෙත්සරණි හා මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ගරුණි හංසපානී අබේසිංහ සිසුවියන් හිමිකර ගෙන ඇත.
     
    කොළඹ විශාකා බාලිකා මහා විද්‍යාලයේ දෙව්නි රුවන්කා හේමසිංහ සිව්වන ස්ථානයටත් පස්වන ස්ථානය කොළඹ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආර්.ඩබ්ලිව්. දිව්‍යාංජලි උත්තරා රාජපක්ෂත් හිමි කර ගෙන ඇති අතර හයවන ස්ථානය සඳහා තිදෙනෙකු තේරීපත්ව ඇත.
     
    කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ එච්.කේ. රන්සික ලසත් ගුණසේකර, කොළඹ සුරාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර හා මොරවක කීර්ති අබේවික‍්‍රම මධ්‍ය මහා විද්‍යාලයේ අංජන රුචිරංග අභයදීප මදුරසිංහ යන සිසුවියන් හිමි කර ගෙන ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.එන්. පුෂ්පකුමාර මහතා පැවසීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya