නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයෙක් දිවයිනට

    මාර්තු 30, 2015
    යුක්තිය සාධාරණත්වය ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී. ග්‍රීෆ් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (29) දිවයිනට පැමිණ ඇත. ඒ මහතා දින 06ක කාලයක් දිවයිනේ රැඳී සිටිනු ඇත.
     
    ඒ මහතා අද (30) විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මුහුණ ගැසීමට මෙන් ම රජයේ ඉහළ පෙළේ නිලධාරීන් දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ සිවිල් සංවිධාන සාමාජිකයන් හමු වී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
     
    රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ පිළිබඳ සොයාබැලීම එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ මහතාගේ මෙම නිල සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
     
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසෙන් මහතා ලබන ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර එහි මූලික කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීම ද පැබ්ලෝ මහතා විසින් මෙම නිල සංචාරය අතරතුර දී සිදු කරනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya