ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින ඇහැලියගොඩ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ ව ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
රත්නපුර නගරයට ප්‍රධාන පිවිසුම් නගරයක් ලෙස සැලකෙන ඇහැලියගොඩ නගරය නව නගර අලංකරණයන් සමගින් සංවර්ධනය කිරීම සහ ජානතාව අපහසුතාවයට පත්වෙන අයුරින් ක්‍රියාත්මක කර තිබූ නාගරික සංවර්ධන කටයුතු විධිමත් සැලසුම් සමගින් ජනතා හිතවාදී ලෙස සංවර්ධන කිරීම පිළිබඳ ව මෙහි දී විශේෂ අවධානය යොමු කෙරිණි.
පසුගිය රජය සමයේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා මෙහෙයවීම මත ඇහැලියගොඩ කඩිනම් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කර ඇතත් ඉතා අවිධිමත් ලෙස ජනතාව පීඩාවට පත්වන අයුරින් මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කර ඇති බව මෙහිදී ජනතාව විසින් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිලි අනුව හෙළි විය. තවද මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් පීඩාවට පත් වූ නගරය ආශ්‍රිත ව සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා නිවාස හිමියන් මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් තමන් මුහුණ දුන් අමිහිර අත්දැකීම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළේය. ඔවුන් හට සිදු වී ඇති අසාධාරණය හා පත්ව ඇති අපහසුතාවය පිළිබඳ
කඩිනමින් සොයාබලා නිසි ක්‍රමවේදයක් යටතේ වන්දි පරිනැමීම හෝ ඔවුන්ට සහන සැලසෙන අයුරින් කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
වැඩනිම කර ඇති මහජන පොළ විවෘත කිරීමේ කටයුතු පිළිබඳ, මහජන චතුරස්‍ර ව්‍යාපෘතිය, මහජන ක්‍රීඩාංගන සංවර්ධන කටයුතු සංවර්ධනය කිරීම, යෝජිත නගරයට විකල්ප ප්‍රධාන මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම, එහිදී ඉවත්කරනු ලබන නිසා ප්‍රතිස්ථාපනය පිළිබඳ සාකච්ඡා කිරීම, නාගරික උද්‍යාන නගර අලංකරණ කටයුතු, ගංවතුර පාලනය සඳහා ඇලමාර්ග සංවර්ධන කටයුතු මෙහිදී විශේෂයෙන් සාකච්ඡා විය.
කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ විදුලි පහන් සවිකිරීම, ඇහැලියගොඩ - දෙහිඹ්විට මාර්ග සංවර්ධනය, ඇහැලියගොඩ - කිරිඇල්ල මාර්ග සංවර්ධනය, හොරගොඩ මාර්ගය සංවර්ධනය, මහජන පොළ ප්‍රවේශ මාර්ගය සංවර්ධනය හා රෝහල් ප්‍ර වේශ මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු පිළිබඳ ව නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරු ව එම සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳ ව ඇති ගැටලු සොයාබලා ඒවාට කඩිනමින් විසඳුම් ලබා දී එම ව්‍යාපෘති නිම කිරීමට ද නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.
මෙම අවස්ථාවට මහජන නියෝජිතවරු, රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නියෝජිත පිරිස් ඇතුළු නිලධාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
DB