අප්‍රේල් 01දා සිට ක්‍රියාත්මක වන පරිදි උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක කාල සටහන් සංශෝධනය කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරිම හේතුවෙන් මෙම සංශෝධනය සිදු කර ඇත. කොළඹ සිට යාපනය, මඩකලපුව හා ත්‍රිකුණාමලය බලා ධාවනය වන දුම්රිය කිහිපයක මෙලෙස ධාවන වේලාවන් වෙනස් කොට ඇත. DB