පසුගිය වර්ෂයේ නුවරඑළිය මල් සහ ව්‍යවසායකයන්ගේ සමුපකාර සමිතිය වෙනුවෙන් ඉදිකෙරුණු අළෙවි මධ්‍යස්ථානය අද මෙම අවස්ථාවේ දී අමාත්‍යවරයා අතින් විවෘත විය.
නවීන් දිසානායක මහතා පසුගිය ආණ්ඩු සමයේ මේ සඳහා මිලියන 20ක ප්‍රතිපාදන යෙද වූ අතර මිලියන 80ක මුදලක් මේ වන විට මෙම විශේෂ ව්‍යාපෘතිය සඳහා වෙන් කොට තිබේ. ශ්‍රි ලංකා මහ බැංකුවේ සම්බන්ධීකරණ දායකත්වය මේ සඳහා හිමි ව ඇත. ඉදිරි මාස කිහිපය තුළ ඉදිකිරීමට යෝජිත විශේෂ ප්‍රදර්ශන හා අළෙවි මධ්‍යස්ථානයේ මුලික සැලසුම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී.
මෙම අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
DB