නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොලොන්න ඇරෑපෝරුව ජල ව්‍යාපෘතියේ පළමු අදියර ලබන මාසයේ දී ජනතා අයිතියට

    මාර්තු 24, 2015
    කොලොන්න මැතිවරණ කොට්ඨාසයේ පවුල් 7,000 කට පිරිසිදු පානීය ජලය සම්පාදනය කෙරෙන කොලොන්න ජලසම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර අපේ‍්‍රල් මාසය ඇතුළත ජනතා අයිතියට පත් කිරීමට නියමිත යැයි නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා සඳහන් කරයි. 
     
    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එම ජල ව්‍යාපෘතියේ වත්මන් ප‍්‍රගතිය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් එම ව්‍යාපෘති කාර්යාලයේ පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීම අමතමිනි. 
     
    කොලොන්න සහ ඇඹිලිපිටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් පවුල් 7000කට විසිහතර පැය පුරා පිරිසිදු පානීය ජලය සැපයෙන මෙම ව්‍යාපෘතියට බෙල්ජියම් රාජ්‍ය සහ ශ‍්‍රී ලංකා රජය ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2561 කි. 
     
    ඇරෑපෝරුව ගඟ හරස් කොට ලබාගන්නා ජලය ඇරෑපෝරුව, පනාමුරේ සහ ඇඹිලිපිටිය යන කලාප 03 ක ජනතාවට ලබාදීමේ එහි පළමු අදියරට ඇරෑපෝරුවේ සිට ඇඹිලිපිටිය දක්වා කි.මි. 22 ක ප‍්‍රධාන නළ පද්ධති එලීම සහ ජල පවිත‍්‍රාගාරය, ජල ගබඩා ඉදිකිරීම අයත් වේ. එම පළමු අදියරේ වැඩකටයුතු මේ දිනවල අවසන් වෙමින් පවතින අතර මෙම අපේ‍්‍රල් මාසය ඇතුළත එය ජනතා අයිතියට පත් කිරීමට අපේක්‍ෂිතය. 
     
    මෙහි දෙවන අදියර ආරම්භ කෙරෙන තුරු පනාමුරේ සහ ඇරෑපෝරුව යන කලාප දෙකේ ජනතාවට ජලය ලබාදීමේ ඉඩකඩක් නොමැති බව මෙහිදී අනාවරණය වූ අතර මෙම ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ දී ජල පෝෂක ප‍්‍රදේශය ඇතුළු ප‍්‍රධාන නිර්මිතයන් රැසක් ඉදිවන ඇරෑපෝරුව මෙන් ම පනාමුරේ ජනතාව නොතකා හරිමින් සැලසුම් සකස් කිරීම පිළිබඳ විමතිය පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා හැකි ඉක්මනින් එම කලාප දෙකේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ දෙවන අදියර මුල පිරීමට ඇති ගැටලු පිළිබඳ ව විමසීය.
     
     
    කි.මි. 144 කින් පමණ සමන්විත බෙදාහැරීමේ ජාලය සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන්නේ නම් ඉතා ඉක්මනින් එහි දෙවන අදියර ආරම්භ කොට ඇරෑපෝරුව සහ පනාමුරේ ගම්වාසීන්ගේ ජල අවශ්‍යතා සපුරාලීමට පියවර ගත හැකි බව ද මෙහිදී ව්‍යාපෘති නිලධාරීන් සඳහන් කළහ. 
     
    මෙහිදී දුනේෂ් ගන්කන්ද මහතා සඳහන් කළේ එම දෙවන අදියර සඳහා ද බෙල්ජියම් රජයෙන් මෙන් ම ශ‍්‍රී ලංකා රජයෙන් ද අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාගැනීම සඳහා තමන් ඉදිරි දින කිහිපය තුළ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ ම බලධාරීන්ගේ අවධානය යොමු කරන බවය. 
     
    මීට අමතරව එම ජල ව්‍යපෘතියට සහ ප‍්‍රදේශයේ කෘෂිකර්මාන්ත කටයුතු සඳහා ද වාරි ජලය ලබාගැනීමේ අරමුණින් සැලසුම් කළ ඇල්ලේ වැව ව්‍යාපෘතිය සඳහා සියලු සැලසුම් සකස් කොට අවශ්‍ය ප‍්‍රතිපාදන ද වෙන්කොට ඇතත් එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑම සඳහා ඉවත් කළ යුතු පවුල් 18ක් සඳහා මෙතෙක් විකල්ප ඉඩම් ලබාදීමේ දී මතු වී ඇති ගැටලුකාරී තත්ත්වයන් නිසා ඇල්ලේ වැව ව්‍යාපෘතිය ද කලක පටන් ලිපිගොනුවලට පමණක් සීමා වී ඇති බව නිලධාරීන් කීහ. ඉවත් කිරීමට නියමිත පවුල් 18ක් සඳහා අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙන්කර ඇති ඉඩම් කොටස තනිකර ගල්තලාවක් බැවින් එහි පදිංචියට යාමට එම පිරිස් අකමැති බව පෙන්වා දුන් ව්‍යාපෘති නිලධරීන් ඇල්ලේ වැව ජලාශයේ ඉදිකිරීම් කඩිනම් කළ හැකි නම් ඇරෑපෝරුව ජල ව්‍යාපෘති හරහා ප‍්‍රතිලාභ ලබන 40,000 ක් පමණ ජනතාවට අමතරව තවත් විශාල පිරිසකට 24 පැය පුරා පිරිසිදු ජලය ලබාදීමට හැකියාව පවතින බව ද කීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya