පළාත් සභාවේ හයවැනි සභා වාරයේ තෙවැනි සැසිවාරයේ සභා රැස්වීම අද (17) මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, අද දිනයේදී සාකච්ඡාවට බදුන් වීමට නියමිතව තිබුයේ මධ්‍යම පළාතේ බඩු උකස් ගනන්නන්ගේ ප්‍රඥප්ති කෙටුම්පතයි.
සුපුරුදු පරිදි අද දින පෙ.ව. 10.00 ට පළාත් සභාව රැස් වුවත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව හමුවේ ඝන පූර්ණය නොමැති නිසා සභාවේ කටයුතු විනාඩි තිහකින් පසුව තාවකාලිකව අත්හිටුවා විනාඩි 10 කට සභාව කල් තබන ලදී. විනාඩි 10 කින් පසු නැවත පළාත් සභා රැස්වීම ආරම්භ වුවත් එම අවස්ථාවේදීද ඝන පූර්ණය නොවුයෙන් සභාවේ කටයුතු එදිනට අවසන් කොට එළඹෙන අප්‍රේල් 06 වැනි දින දක්වා කල් දමන ලදී.ඒ අනුව අද සභාව පැවැත්වීමට හැකියාව ලැබුනේ විනාඩි 55 ක කාලයක් පමණි.
සභාවේ වැඩ කටයුතු ආරම්භ වන විට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පළාත් අමාත්‍යවරු ඇතුළු ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් සහ විපක්ෂ නායක රංජිත් අලුවිහාරේ ඇතළු විපක්ෂ මන්ත්‍රීවරු රැසක්ද සභා රැස්වීම සදහා සහභාගී වී සිටියහ.
MAP/TA_dmu_kandy