මෙරට පවතින ආර්ථික අර්බුදය වෙනුවෙන් කෙටි කාලීන විසඳුම් නොමැති බවත් ඒ සඳහා දිගු කාලීන ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ ඉදිරියට යායුතු බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.
කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කිතුල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.
2024 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනය වන අද (22) විවාදයට ගැණුනු ගරු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 59කින් සංශෝධන සහිතව සම්මත විය.
සල්ලි කඳන්වල රූකඩ බවට පත්වන මැතිවරණ ක්‍රමය වෙනස් කර සෑම මන්ත්‍රීවරයෙකුටම මැතිවරණ ආසනයක් ලැබෙන අනුපාත ඡන්ද ක්‍රමයද අන්තර්ගතවන, නව පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට සියලු දෙනා එක්වන්නයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී (22 දින ) පැවසීය.