ලෝක තරුණ උළෙල 2024 මාර්තු 01 සිට 07 දක්වා රුසියාවේ දී සොචි හි දී පැවත්වේ
ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි ක්‍රියාවක් බවත්, 2024 අයවැය යෝජනා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වරද නිවැරදි කර තිබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
2024 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය වන අද (23) විවාදයට ගැණුනු ආරක්ෂක අමාත්‍යාංශය වැය ශීර්ෂය (103) වැඩි ඡන්ද 68කින් සංශෝධන රහිතව සම්මත විය.
උසස් තනතුරු සඳහා පත්කර යවා ඇති නම් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කිරීම පමාව සම්බන්ධයෙන් සොයා බැලීමට එළඹෙන සතියේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.