නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් සොයා බැලීමට එළඹෙන සතියේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

    නොවැම්බර් 23, 2023

    උසස් තනතුරු සඳහා පත්කර යවා ඇති නම් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කිරීම පමාව සම්බන්ධයෙන් සොයා බැලීමට එළඹෙන සතියේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    2024 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    අද පොලිසියටත් උසාවියටත් පත් කිරීම් කරන්නට නොහැකි වී ඇතැයි කී ජනාධිපතිවරයා ව්‍යවස්ථා දායක සභාවේ බෙදීම් නිසා තීරණයක් ගන්නට නොහැකි වී ඇතැයි කතානායකවරයා ලිපියකින් තමාට දැනුම් දී තිබෙන බවද සඳහන් කළේය.

    දැන් පොලීසියකුත් නැහැ, උසාවියකතු නැහැ. ඉතින් කොහොමද යුක්තිය පසඳලන්නේ ලබන සතියේ සිට මෙම කොමිසම ගැන විභාග කිරීමට වෙනම තේරීම් කාරක සභාවක් පත් කරනවා.

    ව්‍යවස්ථාදායක සභාව එක පැත්තකින් තුනට බෙදී තව පැත්තකින් තුනක් බෙදී දෙන්නෙක් ඡන්දය දීමෙන් වැලකී ඇතැයි ද තව එක්කෙනෙක් පත් කර නැතැයි ද ජනාධිපතිවරයා කීය. මෙහෙම ආණ්ඩු ගෙනියන්නේ කොහොමදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya