සමූපකාර සමිති සහ එම සමිතිවල ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත් ඉදිරියේදී ආණ්ඩුකාරවරු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව වෙළඳ, වාණිජ හා ආහාර. සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය ) 2024 (දස වැනි වෙන් කළ දිනය ) කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව් වැනි දින විවාදය අද (25) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ඉප්පන්තිව් දූපත අසල මුහුදු ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 22 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑ හතක (477) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
“දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අතිරේක සාමාජිකයන් නම් කෙරේ