නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අතිරේක සාමාජිකයන් නම් කෙරේ

    නොවැම්බර් 24, 2023

    “දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අතිරේක සාමාජිකයන් නම් කෙරේ

     

    “දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව සඳහා අතිරේක සාමාජිකයන් වශයෙන් මන්ත්‍රීවරයන් 08 දෙනකු නම් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

    ඒ අනුව;
    • කෙහෙලිය රඹුක්වැල්ල මහතා
    • විදුර වික්‍රමනායක මහතා
    • විජිත බේරුගොඩ මහතා
    • ගයන්ත කරුණාතිලක මහතා
    • තිස්ස අත්තනායක මහතා
    • ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
    • ගුණතිලක රාජපක්ෂ මහතා
    • උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා යන මන්ත්‍රීවරයන් නම් කර ඇත.

    අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අමාත්‍යාංශ වැය ශීර්ෂ ද විවාදයට ගැනීමට තීරණ කරයි 2024 අයවැය කාරක සභා අවස්ථාවේ වැඩසටහනෙහි 2023 දෙසැම්බර් 09 සෙනසුරාදා විවාදයට ගැනීමට නියමිත කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන්ට අමතරව අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අමාත්‍යාංශ වැය ශීර්ෂ ද විවාදයට ගැනීමට නියමිත බව කථානායකවරයා නිවේදනය කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya