ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 ක සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම මහතා (2023 නොවැම්බර් 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන ජාතික ආරක්‍ෂක පාඨමාලාව සාර්ථකව අවසන් කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් තිස් හයදෙනෙකු (36) වෙත උපාධි ප්‍රදානය කිරීම, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අත්තිඩිය ඊගල් ලේක් සයිඩ් උත්සව ශාලාවේදී, 2023 නොවැම්බර් මස 21 වන දින සිදුකෙරුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ද සහභාගී විය.
සබරගමුව, මධ්‍යමසහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රටේ ආර්ථිකය වෙනුවෙන් විදේශ විනිමය මෙරටට ප්‍රේශනය කිරිමට කටයුතු කරන විගමනික ප්‍රජාවට සහන සැලසීමේදී ඇතැම් ආයතනවල නිලධාරින් ඊට බාධා පැමිණවීම කණගාටුවට කරුණක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.