මහමැතිවරණය පැවැත්වෙන අද (17) දිනයේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් පොලීසිය ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
ඡන්දය සෑම පුරවැසියෙකුගේම අයිතිවාසිකමක් බවත් ඔබ දුන් ඡන්දයේ රහස්‍යභාවය සුරැකීමට බැදී සිටින බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඡන්දය ප්‍රකාශ නොකර සිටීමෙන් අකමැතිම පුද්ගලයාට පාර්ලිමේන්තු යාමේ වැඩි අවස්ථාවක් හිමිවන බව කැෆේ සංවිධානය කියයි.
මැතිවරණය පැවැත්වෙන අද(17 දා) පෙ.ව.6.00 සිට ප.ව.6.00 දක්වා සියලුම අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන වාහන සඳහා මුදල් අය නොකරන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.