අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිවේගී මාර්ගය අද නොමිලේ

    අගෝස්තු 17, 2015

    මැතිවරණය පැවැත්වෙන අද(17 දා) පෙ.ව.6.00 සිට ප.ව.6.00 දක්වා සියලුම අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන වාහන සඳහා මුදල් අය නොකරන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.


    17 වෙනි දින පැවැත්වෙන මහා මැතිවරණය නිමිත්තෙන් සියලුම අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන සඳහා ගාස්තු අය නොකරන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා මාර්ග සංවර්ධන අධිකාරියට සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට උපදෙස් දෙනු ලැබීය.

     

    ඒ අනුව ලබන 17 වනදා පෙ.ව.6.00 සිට ප.ව.6.00 දක්වා සියලුම අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන වාහන ගාස්තු රහිතව ධාවනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමට අදාළ බලධාරීන් එකඟතාවය පළ කර ඇත.

     

    මැතිවරණයේදී ඡන්ද පාවිච්චි කිරීම සඳහා දුර බැහැර ප්‍රදේශවලට ගමන් කරන ඡන්ද දායකයින්ගේ පහසුව සඳහා මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya