ජාතික හැදුනුම්පත හෝ මැතිවරණ කොමසාරිස්වරයා විසින් අනුමත හැදුනුම්පතක් මඟින් අනන්‍යතාවය සනාථ කරනු ලබන ඡන්දහිමියන්ට පමණක් ඡන්ද පත්‍රිකා නිකුත් කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සියලු ඡන්ද හිමියන් වෙත දැනුම් දෙනු ලබයි.
නව පාර්ලිමේන්තුවක් සඳහා ජනතා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණය 2015 අද(17)උදෑසන 7.00ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථානවල දී ආරම්භ විය.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන මද වැසි ඇති වන බවත් දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන මද වැසි ඇති වන බවත් දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.