මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය උදෑසනින්ම භාවිත කරන්න-වලංගු හැදුනුම්පතක් රැගෙන යන්න

    අගෝස්තු 17, 2015

    ජාතික හැදුනුම්පත හෝ මැතිවරණ කොමසාරිස්වරයා විසින් අනුමත හැදුනුම්පතක් මඟින් අනන්‍යතාවය සනාථ කරනු ලබන ඡන්දහිමියන්ට පමණක් ඡන්ද පත්‍රිකා නිකුත් කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සියලු ඡන්ද හිමියන් වෙත දැනුම් දෙනු ලබයි.

    2014 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇති ඡන්දහිමියන්ට ඡන්දය දීමට සුදුසුකම් ඇත. නිලඡන්ද දැන්වීම්පත ඡන්දපොළට රැගෙන යාම ඡන්දය දීමට පහසුව ඇති කරයි. ඡන්දය විමසන දින උදෑසනින් ම ඡ්නදය දීම සඳහා ඡන්ද පොළට යාම වඩාත් සුදුසුයි.

    ඡන්දපොළ තුළ රාජකාරි ඉටුකරන ආරක්ෂක අංශවල නිලධාරීන්ට පමණක් අවි ආයුධ දැරිය හැකිය.ඡන්ද විමසීම් දින සියලු දෙනා අදාළ කටයුතු නීතිගරුකව සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඡන්ද පොළට ඇතුළුවිය හැක්කේ ලියාපදිංචි ඡන්දදායකයින්ට සහ ඡන්ද විමසීම් නීතිය අනුව අවසර ලත් අයට පමණි.

    ඡන්ද විමසීම් කටයුතු සාර්ථක කරගැනීමට අදාළ සියලු පාර්ශවවල සහාය අවශ්‍ය බවද මැතිවරන දෙපාර්තමේන්තුව ඡන්දදායකයින් වෙත දැනුම් දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya