මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද විමසීම 4.00ට අවසන්

    අගෝස්තු 17, 2015

    නව පාර්ලිමේන්තුවක් සඳහා ජනතා නියෝජිතයන් තෝරාගැනීමේ ඡන්ද විමසීම ප.ව. 4.00ට අවසන් විය. අද උදෑසන 7.00ට ඡන්ද විමසීම ආරම්භ විය.

    මන්ත්‍රී ආසන 225ක් වෙනුවෙන් මෙවර මහමැතිවරණයට අපේක්ෂකයන් 6151ක් තරඟ කළේ ය. ලියාපදිංචි ඡන්දදායකයින් 15,044,490ක් මෙවර මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබුණි.ඡන්ද විමසීමේ කටයුතු ඡන්ද මධ්‍යස්ථාන 12,314ක සිදු කෙරිණි.

     

    ඡන්ද විමසීම සිදුවන කාලසීමාව තුළ පොලීසිය විසින් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණි. ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් රාජකාරියේ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

     

    ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි අදාළ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya