ප්‍රථම ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට පත් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා සිය ධූරයේ වැඩභාර ගැනීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් මහරගම,නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දී පසුගියදා (27) සිදු විය.
පෙට් සහ ප්ලාස්ටික් ඇසුරුම් සඳහා QR කේතයක් පදනම් කරගත් තැන්පතු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සදහා යෝජනා කැදවීමට පරිසර කටයුතු පිළිබද අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
තම පවුලේ දූදරුවන්ගෙන් ඈත්ව රටේ ආර්ථිකය යහපත් කරන්න තම ජීවිතය කැපකළ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ අගය වැඩියෙන් දැනුනේ පසුගිය සමයේ විදේශ විනිමය හිගය හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටීමට ලක්වූ අවස්ථාවේදී බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ ය.
මෙතෙක් පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල (COP) අතිකරගත් එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාවෙන් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා ධූත පිරිස මෙවර ඩුබායිහී පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වන බව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.