අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
වතුර බෝතල් සහ වෙනත් පීරිසි කෝප්ප ආදී දෑ ප්ලාස්ටික් අසුරන තුළ අසුරා තැබීමෙන් ඉතා විශාල පරිසර හානියක් සිදුවන බව පෙන්වාදුන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කාරකසභා මගින්ද මේ පිළිබදව අවධානය යොමු කර ඇතැයි පැවසුවේය.
කමිටු සභාපතිවරයෙකු වශයෙන් පසුගිය සතියේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාද රටට ප්ලාස්ටික් ගෙනඒමට වසරකට කෝටි 27,000ක් වියදම් වන බවද ඒවා දිරාපත් වීමට වසර 700ක් පමණ ගතවන බවද පැවසූ බව කැබිනට් ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
ඕනෑම ප්‍රදේශයක ඉවතලන ප්ලාස්ටික් බෝතල් කාණු පද්ධතියට එකතු වී ජල බස්නා ක්‍රම අවහිර කරමින් දිරාපත් නොවී ඉතා විශාල පරිසර හානියක් සිදුකරන බව පැවසූ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම ප්ලාස්ටික් බෝතල් ආදිය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ නියමු ව්‍යාපෘති 02ක් ලංකාවේ ක්‍රියාත්මක කළ බවද සිහිපත් කළේය.
එම නියමු ව්‍යාපෘති 02හි ප්‍රතිඵල මත බහාලුම් නැවත එකතු කරගැනීමේදී තාවකාලික තැන්පතු ආපසනු ගෙවීමේ ක්‍රමවේදය යෝග්‍ය බව හදුනාගෙන ඇතැයිද එම ක්‍රමවේදය යටතේ පාරිභෝගිකයා විසින් අදාල භාණ්ඩය මිලදීගන්නා අවස්ථාවේදී විකුණුම්කරු තාවකාලික මුදල් තැන්පතුවක් ලබාගන්නා අතර හිස් බෝතල් ඇසුරුම් ආපසු ලබාදුන් විට තාවකාලික තැන්පතුව පාරිභෝගිකයා වෙත ලබාදෙන බවද පැවසුවේය