මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා පැරිස් ත්‍රස්ත ප්‍රහාර හෙළා දකියි

    ජනවාරි 07, 2015

    "පැරීසියේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකිමි. කුමන ස්ථානයක සිදු වූවත් ත්‍රස්තවාදය සමග සටන් කිරීම සඳහා ලෝකය අත්වැල් බැඳ ගත යුතුයැ"යි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් මඟින් ලොවට ප්‍රකාශ කර සිටී.

    ජනාධිපති අන්තර්ජාතික මාධ්‍ය ඒකකය ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ද කියා සිටී.

     

    පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර හෙළා දකිමින් ජනාධිපති  මහින්ද රාජපක්ෂ මැතිතුමා විපතට පත් වූ පුද්ගලයින්ගේ පවුල් සඳහා සිය බලවත් කනගාටුව පළ කර සිටී.

     

    "කොහේ සිදු වූවත් ත්‍රස්තවාදයේ සියලු ස්වරූපයන්වලට එ‍රෙහිව සටන් කිරීමට මුළු ලෝකයම එකට එක්විය යුතු" යැයි මැද මුලන සිය නිවසේ සිට සිට අදහස් දක්වමින් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය.

     

    වසර තිහක් ත්‍රස්තවාදය අත්දුටු නිසා ශ්‍රී ලංකාවට එහි ක්‍රෑරත්වය වැටහෙන බව ජනාධිපති තුමා ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදය එක් රටකට පමණක් සීමා නොවන ලෝකයේ සතර දිගම ව්‍යාප්ත ව ඇති ආකාරය මෙම සිදුවීමෙන් පැහැදිලි වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

     

    "ත්‍රස්තවාදයට කොතරම් ඉක්මනින් රටක් අස්ථාවර කළ හැකි ද යන්නට සහ ත්‍රස්තවාදයට හිස එසවීමට නො දී රජයක් කෙතරම්විමසිලිමත් ව සිටිය යුතු ද යන්න මෙම ම්ලේච්ඡ ප්‍රහාරය නැවත මතක් කරයි."

     

    මෙම ඛේදනීය අවස්ථාවේ ප්‍රංශ රජයට සහ රටවැසියන්ට සහයෝගය පළ කළ ජනාධිපති තුමා මෙම සෝචනීය ඛේදවාචකයෙන් මිදීමට ශ්‍රී ලංකා රජයේ සහ රටවැසියන්ගේ සහය මුළුමනින්ම ලබා දෙන බවට ද සහතික විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya