මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තමන් උපන් මාතෘ භූමියට ආදරය කරන්න - වරදින්නේ නැහැ ජනපතිගෙන් දැයේ දරු පරපුරට උපදෙසක්

    දෙසැම්බර් 01, 2014

    තමන් උපන් මාතෘ භූමියට ආදරය කරන ලෙසත් එවිට කවදාවත් වරදින්නේ නැති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දරු පරපුරට උපදෙසක් ලබා දුන්නේය.


    අප ජීවිතයට විවිධ බාධාවන් පැමිණෙන බවත් දිනුම් පැරදුම් - විභාග පසුබෑම් ජයග‍්‍රහණයකට හරවා ගත යුතු බවත් ධනාත්මකව සිතීමෙන් ඕනෑ ම කෙනෙකුට කළ නොහැකි දෙයක් නොමැති බවත් ජනාධිපතිතුමා කියා සිටියේ ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥයෙකු වු ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ ආර්.අයි.ටී. අලස් මහතාගේ පළමු ගුණානුස්මරණය නිමිත්තෙන් ඉදිකළ පිළිරුව විවෘත කරමින් පසුගියදා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

    එහිදී ජනාධිපතිතුමා දැයේ දරුවන්ට පවසා සිටියේ "බැරිය" යන වචනය ශබ්ද කෝෂයෙන් ඉවත් කළ හොත් ඔබට සියලු ජයග‍්‍රහණ ලැබේවි යන්නයි. 

    ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ ආර්.අයි.ටී. අලස් මහතාගේ පළමු ගුණ සමරමින් කළගුණ සලකන ජාතියක් ලෙස ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දරුවන් මුළු රටට ම ආදර්ශයක් ලබා දී ඇතැයි ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    අතීතයේ ත‍්‍රස්තවාදය දරුණු ලෙස දැනුනු පාසලක් සහ දෙමාපියන් පිරිසක් සිටි පාසලක් ලෙස ද ඩී.එස්. සේනානායක විද්‍යාලය හඳුන්වා දිය හැකි බවද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    ආර්.අයි.ටී. අලස් මැතිතුමා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ගොඩනගන ලද්දේ ජාතික හා ආගමික සහජීවනය නැමැති මහත් වූ ආදර්ශයක් ද ලබා දෙමින් බව රාජපක්ෂ ජනාධිපතිතුමා කියා සිටියේය. ඒ මහතා 1967 වසරේදී තරුණ ගුරුවරයෙකු ලෙසින් විද්‍යාලයට පැමිණ විශාල සමාජ අවබෝධයක් සහ දර්ශනයක් සහිත ව කි‍්‍රයා කළ අයෙකු බව ද ජනාධිපතිතුමා මෙම උත්සව සභාවේදී සිහිපත් කරනු ලැබීය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya