මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගේ නායකත්වය අනාගතයටත් අවශ්‍යයි - මහ සඟරුවන අවධාරණය කරති

    දෙසැම්බර් 01, 2014

    තිස් වසරක් පුරා පැවති රුදුරු ත‍්‍රස්තවාදයෙන් මුදාගත් රට, සංවර්ධනය වෙත රැගෙන යමින් සම්බුදු සසුනේ චිරස්ථිය උදෙසා සුවිසල් මෙහෙවරක් ඉටු කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය ඉදිරි අනාගතයේදී ත් රටට අවශ්‍ය බව මහා සංඝරත්නය පවසති. 


    ජනාධිපතිතුමා තෙවැනි වරටත් එම ධූරය දැරීමට ඉදිරිපත්වීම පිළිබඳ ප‍්‍රසාදය පළ කරන උන්වහන්සේලා මෙතෙක් ඉටු කළ ජනතා මෙහෙවර ඉදිරියට ගෙන යාමට එතුමන්ට ශක්තිය හා ධෛර්යය ද ප‍්‍රාර්ථනා කළහ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බුදු සසුනට කළ මෙහෙවරට උපහාර පිදීම උදෙසා කොළඹ නෙළුම් පොකුණට පසුගිය 07දා රැස් වූ මහා සංඝරත්නය මේ බව ප‍්‍රකාශ කළහ.

    සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ රට පුරා බල මණ්ඩල 512ක 3,000කට අධික මහා සංඝරත්නය නෙළුම් පොකුණට වැඩම කර සිටි අතර ජනාධිපතිතුමන්ට ආශීර්වාද පතා උන්වහන්සේලා පිරිත් දේශනා කළහ.

    ශී‍්‍ර ලංකාවේ අස්ථාවර රාජ්‍ය පාලනයක් පවතිනු දැකීමට අකැමැති බව පෙන්වා දුන් උන්වහන්සේ මැදපෙරදිග කලාපයේ එවැනි රටවල් නිෂ්කී‍්‍රය කිරීමට ගෙන ගිය වැඩපිළිවෙළ අපට දක්නට ඇති බවත් පැවසුහ.

    අප රටට, ජාතියට, ආගමට ආදරය කරනවා නම් අද රට තුළ තිබෙන ස්ථාවර නායකත්වය නැති කර ගන්නේ නැති බව පෙන්වා දුන් උන්වහන්සේ යුද්ධය නිමා කර රට ඉදිරියට ගෙන යාමට ගන්නා උත්සාහය රැකගැනීමට අප කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්හ.

    අමරපුර මහා සංඝ සභාවේ සභාපති දවුල්දෙණ ඤාණිස්සර මහා හිමියන්, මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනු නාහිමියන්, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන් වහන්සේ, ප‍්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. 

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya