මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයක් සමඟ රටේ සංවර්ධන ගමන ඉදිරියට ම

    දෙසැම්බර් 01, 2014
    මුදල්වලට සහ එක් එක් අයගේ දේශපාලන අවශ්‍යතාවලට යටත් නොවන ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයක් සමඟ රටේ සංවර්ධන ගමන ඉදිරියට ම ගෙන යාමට රජය සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    රටට කිසිදා නො වූ සංවර්ධනයක් ලබා දුන්නේ වත්මන් රජය බවද පැවසූ ජනාධිපතිතුමා ඉදිරියට ද එම සංවර්ධන අරමුණු කර රට මෙහෙයවිය හැක්කේ මෙම රජයට පමණක් බවද කියා සිටියේය.‍
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් ඊයේ (30) පස්වරුවේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවැති "රජත මහිම" උපහාර උළෙලට එක් වෙමිනි.
     
    රට විනාශ කළ තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කරමින් රටේ ජනතාවට පැහැබර අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු ඇති කළේ වත්මන් රජය බව කිසිවෙකු අමතක නොකළ යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
     
    බොරු ප්‍රචාරවලට රැවටී භුක්තිවිඳින එම නිදහස අහිමි කරගන්නට එපා යැයි ද ජනතාවට පැවසීය.
     
    රටත් ජාතියක් සංවර්ධනය කර ඉදිරියට ගෙන යන මේ මොහොතේ අප සියලුදෙනා සිතිය යුත්තේ දරුවන්ගේ අනාගතය පිළිබඳ ව බවද පැවසූ ජනාධිපතිතුමා වත්මන් රජය රට තුළ සිදු කළ කැපී පෙනෙන සංවර්ධනයත් සමඟ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනැඟී ඇති බවද පෙන්වා දුන්නේය.
     
    අද විදේශ රටවලට අවශ්‍ය පිට කොන්දක් නැති නායකයන් බලයට පත්කර යළි ත්‍රස්තවාදයට මේ රටේ දොරගුළු විවර කර දීම බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා එම රටවල සිට ගහන පදවලට නැටීමට තමන් සූදානම් නොමැති බවත් අවධාරණය කළේය. 
     
    අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, චන්ද්‍රසිරි ගජධීර, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර,  ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ගාමිණි සෙනරත් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර මාතර දිස්ත්‍රික්කයේ අති විශාල ජනතාවක් ද සනත් ජයසූරිය ක්‍රීඩාංගණය වෙත රැස් ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya