මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රජත මහිම" උපහාර උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 01, 2014

    අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් පැවති "රජත මහිම" උපහාර උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    දේශපාලන දිවියේ වසර 25ක් සමරන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් මෙහිදී සිදු වූ අතර මාතර ජනතාවගේ උපහාරය ද ජනාධිපතිතුමා වෙත පිරිනමමින් එතුමා වෙත ද උපහාර තිළිණයක් පිළිගැන්විණි.

     

    අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, චන්ද්‍රසිරි ගජදීර, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ. මාතර දිස්ත්‍රික්කයේ අතිවිශාල ජනතාවක් ද මේ අවස්ථාවේ සනත් ජයසූරිය ක්‍රීඩාංගණය වෙත රැස් ව සිටියහ.

     

    NDH/pmu_pix by Nishanka de Silva

     

    President Presides Minister L Y Abeywardenas 25 Year Political Life 1

     

    President Presides Minister L Y Abeywardenas 25 Year Political Life 3

     

    President Presides Minister L Y Abeywardenas 25 Year Political Life 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya