මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ක් හවුල ප‍්‍රතිඵල ගෙන දෙන කි‍්‍රයාකාරී පිළිවෙතකට පිවිසිය යුතුයි - ජනපති

    නොවැම්බර් 26, 2014

    ජන ජීවිතයට ඍජු බලපෑම් ඇති කරන ප‍්‍රතිඵල ඉලක්ක කරගත් කි‍්‍රයාවට නැංවිය හැකි ප‍්‍රායෝගික සැලසුම් කරා පිවිසීමට සාර්ක් සංවිධානයට කාලය එළැඹ ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. මේ සඳහා සාර්ක් සංවිධානයට අත්හල නොහැකි වගකීමක් පැවරී ඇති බව ද එතුමා අවධාරණය කරයි.

    දශක තුනක් පුරා ව්‍යුහයෙන් හා අන්තර් ග‍්‍රහණයෙන් ක‍්‍රමයෙන් වර්ධනය වී ඇති සාර්ක් සංවිධානය වත්මන් සාම්ප‍්‍රදායික ප‍්‍රවේශයේ සිට වඩා ප‍්‍රතිඵල ඉලක්ක කරගත් කි‍්‍රයාවට නැංවිය හැකි සැලසුම් කෙරෙහි යොමුවිය යුතු තීරණාත්මක කඩඉමකට පැමිණ ඇති බව ද එතුමා අවධාරණය කරයි.

     

    අද (26) නේපාලයේ කත්මන්දු නුවරදී 18 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුව ඇමතු ජනාධිපතිතුමා සාමාජික රාජ්‍යන්ට බාහිරින් එල්ලවන බලපැම්වලදී එක්සත්ව කි‍්‍රයා කිරීමේ වැදගත්කම සාර්ක් රාජ්‍ය නායකයින්ට අවධාරණය කළේය.

     

    ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදය මැඬ පැවැත්වීමෙන් අනතුරු ව කලාපයේ ආරක්ෂක තත්වයේ වර්ධනයක් ඇතිවී තිබෙන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් තවමත් ත‍්‍රස්තවාදයේ සහ මුලික ආරක්ෂාවේ තර්ජන පවතින බවත් ශී‍්‍ර ලංකාව තවමත් සිදුවිය හැකි වර්ධනයන් සම්බන්ධයෙන් තෘප්තියට පැමිණ නොමැති බවත් ජනාධිපතිතුමා මෙහිදි අවධාරණය කළේය.

     

    සංස්කෘතිය හා ජාතික උරුමයන් මානව සංවර්ධනයේ සුවිශේෂි තත්වයක් අත් කර ගන්නා බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. සංස්කෘතිය කලාපය එකට බැඳ තබන වඩාත්ම වැදගත් සාධකය බව ද එතුමා පැහැදිලි කළේය. මේ නිසා සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ඇති කිරීමෙන් එම ක්ෂේත‍්‍රයේ වර්ධනය තවදුරටත් සිදු විය යුතු බව ද එතුමා පැහැදිලි කළේය.

     

    නරේන්ද්‍ර මෝදී අගමැතිවරයාගේ සැටලයිට් තාක්ෂණික පියවර ද මෙහිදි ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය. මෙම තාක්ෂණය සන්නිවේදනය, දුරස්ථ අධ්‍යාපනය හා ආපදා කළමනාකරණය වැනි ක්ෂේත‍්‍ර කරා ද ව්‍යාප්ත කිරීමේ වැදගත්කම ද එතුමා අවධාරණය කළේය.

     

    HC/priu_Pix by: Sudath Silva  

     

    President Rajapaksa Addresses the 18th SAARC Summit 1

     

    President Rajapaksa Addresses the 18th SAARC Summit

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya