මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි ජනාධිපතිවරණයේදී කඳුරට ජනතා පෙරමුණේ සහය ජනපතිට

    නොවැම්බර් 10, 2014

    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහය ලබා දෙන බව කඳුරට ජනතා පෙරමුණ පවසයි.


    ශාන්ති දේවි චන්ද්‍රසේකරන් මහත්මිය, වී. රාධක්‍රිෂ්ණන් මහතා හා කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයන් සහ අනුබද්ධ සංවිධානවල නියෝජිත පිරිසක් අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව පැවසූහ.

    වතුකරයේ දෙමළ ජනතාව නගාසිටුවීම වෙනුවෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ මේ පිරිස අධිරාජ්‍යවාදී යුගයෙන් පසු ව වතුකරයේ දෙමළ ජනතාවගේ සුබසාධනය උදෙසා මෙවන් සුවිසල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවූ එක ම නායකයා ජනාධිපති රාජපක්ෂ මැතිතුමා බව ද පෙන්වා දුන්හ.

    තවදුරටත් එම ජනතාවගේ පහසුකම් නංවාලීමට අදාළ ඉල්ලීම් ඇතුළත් ලේඛනයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.

    අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද මීට එක් ව සිටියේය.

     

    NDH/pmu_pix by Nalin Hewapathirana

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya