මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට ක්ෂේත්‍ර නිලධාරීන් 5616කට යතුරු පැදි

    නොවැම්බර් 07, 2014
    කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීමේ අරමුණින් රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි බෙදාදීමේ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික් ක්ෂේත්‍ර නිලධාරීන් 5616කට යතුරු පැදි ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ දී සිදු විය.
     
    අමාත්‍යවරුන් වන ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, මහාචාර්ය ජී.එල්. පීරිස්, මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් පී.බී. අබේකෝන්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.සී. ද සොයිසා මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    මේ අතර හම්බන්තොට මහ නගර සභාව වෙත ද ගිය ජනාධිපතිතුමා එහි කටයුතු ද සොයා බැලීය.
     
    විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ ජනාධිපතිතුමා කාර්යමණ්ඩලය සමග ද සුහද කතාබහක නිරත විය.
     
    DB
     
    03
     
     
    04
     
     
    09
     
     
    12

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya