මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩී.ඒ. රාජපක්ෂ ගුණ සැමරේ

    නොවැම්බර් 07, 2014
    කෘතහස්ථ දේශපාලනඥයෙකු වු දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 47වන ගුණ සමරු වැඩසටහනක් අද (07) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේ දී පැවැත්විණි.
     
    තංගල්ල නගර මධ්‍යයේ ඇති ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ පිළිරුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය සහ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරු සහ පවුලේ ඥාතීන් විසින් පුෂ්පෝපහාර දැක්වූහ.
     
    ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට කුරහන් සාටකය පළඳවා මල්මාලා පැළඳවීම දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ සහ තංගල්ල නගරාධිපති අනිල් සෙල්වාහැන්ද්‍රිගේ මහත්වරු අතින් සිදු විය.
     
    පිළිරුව අභියස ආගමික වතාවත් සිදුකරමින් පිරිස පංචශීලයේ පිහිටුවීම පූජ්‍ය විතාරන්දෙණියේ ඥානරතන ස්වාමීන් වහන්සේ විසින් සිදු කළහ. ආගමික වතාවත්වලින් අනතුරුව තංගල්ල ගෞතම විද්‍යාල පරිවේනාධිපති පූජ්‍ය තංගල්ලේ ගෝතම ස්වාමීන් වහන්සේ විසින් විශේෂ අනුශාසනාවක් ද සිදු කළහ.
     
    පළාතේ මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරු, මැති ඇමැතිවරු, පාසල් ළමුන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    DA thangalla
     
     
    DA thangalla 1
     
    DA thangalla 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya