මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිසුර ශිෂ්‍යත්ව ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් අද තංගල්ල නගර ශාලාවේ දී

    නොවැම්බර් 07, 2014
    දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 47 වන ගුණ සමරු උත්සවය සහ සිසුර ශිෂ්‍යත්ව ප්‍රදානය අද (07) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර ශාලාවේ දී පැවැත්විණි.
     
    ගුණ සමරු උත්සවයේ ප්‍රධාන දේශනය කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශ ප්‍රධාන මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා සිදු කළේ ය.
     
     
    මෙයට සමගාමී ව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 200 දෙනෙකු සඳහා ඩී.ඒ. රාජපක්ෂ පදනම විසින් වාර්ෂිකව පිරිනමන සිසුර ශිෂ්‍යත්ව ප්‍රදානය ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
     
    ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 47 වන ගුණ සමරුව නිමිත්තෙන් පාසල් සඳහා පැවති කථික සහ රචනා තරගවල ජයග්‍රාහී සිසුන්ට තිළිණ ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    SDF
     
    PresidentPresident 1President 4President 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya