මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන සඳහා විශිෂ්ටතා සම්මාන

    නොවැම්බර් 05, 2014
    බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන සඳහා විශිෂ්ටතා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (04) පස්වරුවේ දී අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
     
    බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන 1065ක් අතරින් ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය විසින් නිර්දේශ කරන ලද ආයතන 254කට මෙහි දී විශිෂ්ටතා සම්මාන හිමි විය.
     තරු පහේ සම්මාන හිමිකරගත් ආයතනය විසින් වාර්ෂික ව සංවිධානය කරන මෙම සම්මාන ප්‍රදානය මෙවර සංවිධානය කර තිබුණේ දෙවන වතාවට ය. 
     
    විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යංශයේ ලේකම් නිශ්ශංක විජේරත්න, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති අමල් සේනාධිලංකාර, විදේශ රැකියා ආයතනයේ සභාපති සේනක අබේගුණවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB
     
    HE SELF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya