මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්තමාන රජයට මෙරට ක්‍රීඩා ක්ෂේත‍්‍රයේ නව පිටුවක් පෙරළීමට හැකිවුණා

    නොවැම්බර් 05, 2014

    වර්තමාන රජය පසුගිය දශකය තුළ සිදු කළ පූර්ණ රාජ්‍ය මැදිහත්වීමත් සමඟින් මෙරට ක්‍රීඩා ක්ෂේත‍්‍රයේ නව පිටුවක් පෙරළීමට හැකි වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. ගෙවුණු කාලය තුළ ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට දක්ෂතා දැක්වීමට අප ක්‍රීඩක කී‍්‍රඩිකාවන් සමත් වූ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කැපකිරීම් කළ සියලු දෙනාට ම සිය ගෞරවය ද පුද කළේය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම ගෞරව පුද කිරීම සිදු කළේ බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ නියෝජිතයින් පන්දහසක් සමඟ ඊයේ (04) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති හමුව අමතමිනි.

    එම පළාත් තුන නියෝජනය කරමින් ක්‍රීඩක කී‍්‍රඩිකාවන්, ක්‍රීඩා සංගම් නියෝජිතයින්, ක්‍රීඩා නිලධාරීන්, පුහුණුකරුවන් මෙම අවස්ථාවට එක් ව සිටි අතර ජාතික ක්‍රීඩා සංවර්ධනය උදෙසා කළ මෙහෙවර අගයා ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් ද මෙහිදී ප‍්‍රදානය කෙරිණ.

    රට පුරා සියලු ක්‍රීඩා සංගම් වෙත ක්‍රීඩා භාණ්ඩ ප‍්‍රදානය සංකේතවත් කරමින් ජනාධිපතිතුමා බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල ක්‍රීඩා සමාජ වෙත ක්‍රීඩා භාණ්ඩ ද ප‍්‍රදානය කළේය.

    ජනපි‍්‍රය ක්‍රීඩා කිහිපයකට සීමා නො වී සෑම ක්‍රීඩාවක් ම දියුණු කිරීම සඳහා රජය කටයුතු කළ බව පැවසූ ජනාධිපතිතුමා අපට අනිවාර්යෙන් ම ජයග‍්‍රහණ කළ හැකි තවත් ක්‍රීඩා ඇති කර එම කී‍්‍රඩා පිළිබඳවත් අවධානය යොමු කර සැලසුම් සහගතව කටයුතු කළයුතු බව ද පෙන්වා දුන්නේ ය.

    2017 වසරේදී මෙරට පැවැත්වෙන ආසියානු කී‍්‍රඩා උළෙල ඉලක්ක කරගෙන ගම්වල ක්‍රීඩකයින් පුහුණු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා මුදල් ඇති ක්‍රීඩා සංගම් මුදල් නොමැති සංගම්වලට උපකාර කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

    මවුපියන් සිය දරුවන් ක්‍රීඩා වෙත යොමු කරන්නේ විනයත්, ආරක්ෂාවත් ඇතැයි යන බලාපොරොත්තුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ කෙරෙහිත් අපගේ අවධානය යොමු විය යුතු බව පැවසීය.

    ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ පළාත් කි‍්‍රඩා අමාත්‍යවරුන්ද, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි මහතා ඇතුළු නිලධාරිහු ද මීට එක්ව සිටියහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya