අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවංගත ඩී.ඒ. රාජපක්ෂ විශේෂ ගුණානුස්මරණ දේශනය අද අරලියගහ මන්දිරයේදී

    නොවැම්බර් 03, 2014

    කෘතහස්ත දේශපාලඥයෙකු වූ දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 47 වැනි ගුණ සමරුව නිමිත්තෙන් විශේෂ ගුණ සමරු දේශනයක් අද (03) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


    රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනම සංවිධානය කර තිබූ මෙම උළෙලේ මුලසුන හොබවන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය හා යාපනය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය එස්. පද්මනාදන් මහතා විසිනි. ගුණසමරු දේශනය පවත්වන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථිකවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසිනි.

    අරලියගහ මන්දිරයේ තැන්පත් කර තිබූ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට මල්දමක් පළඳවා උපහාර දැක්වීම ගොඩගේ පොත් ප්‍රකාශන අධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා විසින් සිදු කරන ලද අතර පුෂ්ප මංජුසාව තැන්පත් කර ගෞරව දැක්වීම විශ්‍රාමලත් විදුහල්පති, සාමවිනිසුරු පියදාස වන්නිආරච්චි මහතා අතින් සිදු කෙරිණි.

    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාතීන්, මැති ඇමතිවරු, විදෙස් දූත මණ්ඩල සාමාජික සාමාජිකාවෝ ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/pmu_pix: by Sudath Silva

    01

     

    08

     

    10

     

    d.a 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya