අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ නීතිය හා සාමය සුරකින පොලීසිය හෑල්ලූ කිරීමට ඉඩ තබන්නේ නැහැ - ජනපති

    නොවැම්බර් 03, 2014

    රටේ නීතිය හා සාමය සුරකිමින් රටත්, ජනතාවත් වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන පොලීසිය හෑල්ලූ කිරීමට ඉදිරියේදී ඉඩ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.


    ඉතිහාසයේ එවන් අවස්ථා බොහෝ තබූ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා දැන් අප ගොඩනගා ඇත්තේ පාවාදීම්වලින් තොර රටක් බව ද කියා සිටියේ ය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේ පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමඟ පෙරේදා (01) අරලියගහ මන්දිරයේ පැවති හමුවේදීය.

    ශී‍්‍ර ලංකා පොලිසියේ දස වසරක ප‍්‍රගතිය මැයෙන් සංවිධානය කර තිබු මෙම හමුවට දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පන්දහසකට අධික පිරිසක් එක්ව සිටියහ.

    එම උත්සව සභාව වැඩිදුරටත් ඇමතූ ජනාධිපතිතුමා සඳහන් කළේ පොලිස් නිලධාරීන්ගේ රැකියාවල සුරක්ෂිතභාවය සහ ඔවුන්ගේ අභිමානය රැකදීමට වත්මන් රජය සුවිශාල වැඩකොටසක් ඉටු කළ බවයි.

    පොලිස් සේවාවේ පරිපාලනය ශක්තිමත් කිරීමට වෙනම සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට ද ඉදිරියේදී පියවර ගන්නා බව සඳහන් කළ ජනාධිපතිතුමා එමඟින් පොලිසියේ උසස් වීම්, වැටුප් වැඩිවීම්, පුහුණු අවස්ථා වැනි ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්ථාව ලැබෙන බවද පෙන්වා දුන්නේ ය.

    ශී‍්‍ර ලංකා පොලිසිය අද රාජකාරී කරන්නේ සෑම ආකාරයට ම දියුණු රටක බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා අද අපගේ පොලිස් නිලධාරීන් දියුණු දැනුමක් ඇති, නවීන තාක්ෂණය පිළිබඳ වැටහීමක් ඇති පිරිසක් විය යුතු බවත් භාෂා හැකියාවන් ද වැඩිදියුණු කර ගැනීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේ ය.

    මහජන මිත‍්‍රශීලි, වෘත්තීමය හා අභිමානවත් පොලිස් සේවාවක් ගොඩනැගීමට අතිගරු ජනාධිපතිතුමා සිදුකළ කැපවීම සහ මඟපෙන්වීම උදෙසා එතුමා වෙත උපහාර පුද කරමින් උපහාර තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

    ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මහින්ද බාලසූරිය, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරු ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya