මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ති‍්‍රවිධ හමුදාව ජාතීන් අතර සුහදතාව නංවන පාලමක් ලෙස ක‍්‍රියාත්මක වෙනවා - ජනපති

    නොවැම්බර් 03, 2014

    ජාතියේ දැවැන්ත සංවර්ධනයට දායක වෙමින්, අවියෙන් මෙන් ම දැනුමෙන් ද සන්නද්ධ වන ති‍්‍රවිධ හමුදාව, උතුරේ දරුවන් දකුණටත්, දකුණේ දරුවන් උතුරටත් ගෙන යමින්, විවිධ ක‍්‍රීඩා හා සංස්කෘතික වැඩසටහන් ජාතීන් අතර ක‍්‍රියාත්මක කරමින් මෙම කාල සීමාවේ ජාතීන් අතර සුහදතාව ගොඩනගන පාලමක් ලෙස ක‍්‍රියාකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ ය.


    ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ පසුගිය දා අරලියගහ මන්දිරයේ දී පැවති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 24 වන වාර්ෂික උපාධි ප‍්‍රදානෝත්සවයේ දී ය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ මෙම යුගය රට දැනුමේ කේන්ද්‍රය ඇතුළු පංච මහා කේන්ද්‍ර ගොඩනැගීම සඳහා ඓතිහාසික ව උත්සාහ කළ යුගයක් බව යි. රටේ සංවර්ධනයට සමගාමී ව ති‍්‍රවිධ හමුදාව ද සංවර්ධනය වන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ති‍්‍රවිධ හමුදා නිලධාරීන් බොහෝ පිරිසක් මේ වන විට උසස් අධ්‍යාපනය කෙරේ යොමු වී ඇති බව ද සඳහන් කළේ ය.

    කොතලාවල විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා අන්තර්ජාතික ප‍්‍රමිතියට අනුව කාලානුරූපී උපාධි පාඨමාලා ඒ තුළින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේ  ය. ජාතික සංවර්ධනය තුළින් ජාතික ආරක්ෂාව තවදුරටත් තහවුරු වන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මුළු රට ම මාර්ග ජාලයකින් බැඳෙන විට ආර්ථික, සමාජීය බැඳීම් පුළුල්වීම තුළින් ජාතික සමඟිය ශක්තිමත් වන බව ද මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya