මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුව දුන් ණයවලින් බොල් ණයට කැපූ මුදල් ප්‍රමාණය පහළට

    නොවැම්බර් 03, 2014

    මහජන බැංකුව මඟින් ලබා දී ඇති ණය මුදල්වලින් බොල් ණය ලෙස කපා හැර ඇති මුදල් ප්‍රමාණය 2008 වසරේ සිට ක්‍රමානුකූල ව අඩු වී ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (01) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    එම කපාහල ණය ප්‍රමාණය 2005 වසරේ සිට 2013 වසර දක්වා ගත වූ වසර 09 තුළ රුපියල් මිලියන 4,705කි. එම ප්‍රමාණය මුළු ණය ප්‍රමාණයෙන් 0.14%ක් වේ. වර්ෂ 2005දී රුපියල් මිලියන 1,375ක් වූ කපා හල බොල් ණය ප්‍රමාණය 2013 වන විට රුපියල් මිලියන 68 දක්වා අඩු වී තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

    වසරින් වසර කපා හල බොල් ණය 2006දී රුපියල් මිලියන 795ක්, 2007දී රුපියල් මිලියන 1,015ක්, 2008දී රුපියල් මිලියන 231ක් හා 2009දී රුපියල් මිලියන 187ක් වේ. 2010දී රුපියල් මිලියන 295ක් ද 2011දී රුපියල් මිලියන 509ක් ද 2012දී රුපියල් මිලියන 230ක් ද 2013දී රුපියල් මිලියන 68ක් ද කපා හැර තිබෙන බව ඔහු සඳහන් කළේය.

    මෙහිදී බොල් ණය ප්‍රමාණය වාර්ෂික ව අඩු කර ගැනීම ගැන රජයට ප්‍රශංසාව පළ කළ ප්‍රේමදාස මහතා ණය කපා හැරීමේදී නැති බැරි අයට වඩා ඇති හැකි අයට ප්‍රමුඛතාව ලබා දෙන බවට කළ චෝදනාවට පිළිතුරු දුන් අමුණුගම මහතා විජේතුංග ජනාධිපතිතුමාගේ සමයේදී බොල් ණය කපා හැරීම ඉතා අඩු මට්ටමක පවතින බවත් බැංකුව වර්තමානයේ ප්‍රශස්ත පාලනයක පවත්වා ගෙන යන බවත් කීය.

    වෙනදා මෙන් ණය ලබා ගැනීමට උසාවි ගොස් ඇපකර බලයෙන් අත්සන් කර ගැනීමට කටයුතු නොකරන බවත් ගෙවීම් පැහැර හැරීම පිළිබඳ අභියාචනා සානුකම්පිතව සලකා බලන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya