මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජයගනු ඇත - ඇමරිකාවේ ෆෝබ්ස් සඟරාව කියයි

    නොවැම්බර් 03, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි මස මැතිවරණයෙන් ජය ගනු ඇතැයි එක්සත් ජනපදයෙන් පළවන ලොව ආර්ථික සහ ආයෝජන කටයුතු පිළිබඳ සුප‍්‍රකට ම ප‍්‍රකාශනයක් වන ෆෝබ්ස් සඟරාව අනාවැකි පළ කරයි.


    ජනාධිපති ධූරය දෙවරක් සඳහා වූ සීමාව ඉවත් කිරීමෙන් රාජපක්ෂ මහතාට තෙවන වරට තරග කිරීමට අවස්ථාව ලැබීම නිසා ශ‍්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය තහවුරු වී ඇතැයි සඳහන් කරන එම සඟරාව මෙම දේශපාලන ස්ථාවරත්වය ශී‍්‍ර ලංකාවේ විදේශික ආයෝජන උදෙසා වූ හොඳ ලකුණක් යැයි සඳහන් කරයි.

    ෆෝබ්ස් සඟරාවේ ඔක්තෝබර් 30 වෙනි දින නිකුත් වූ කලාපය තවදුරටත් පෙන්වා දෙන්නේ මෑතකදී පැවැති කිසිදු මැතිවරණයක දී විපක්ෂයේ කිසිම පක්ෂයකට 40%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමි නොවූ බැවින් ජනාවාරි ජනාධිපතිවරණයේදී පාලක පොදු පෙරමුණට කොතරම් වැඩි ආසන සංඛ්‍යාවක් ලැබේ ද යන්නය.

    ශී‍්‍ර ලංකාවේ විදේශීක ආයෝජන කළ යුතු බවට හේතු ෆෝබ්ස් සඟරාව කතුවැකියකින් විස්තර කරයි. ආයෝජන සඳහා ශී‍්‍ර ලාංකික ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතී. එම ආර්ථිකය අද ලොව හොඳම එකක් වශයෙන් තරු දිනා ගෙන ඇත.

    ෆෝබ්ස් සඟරාව තවදුරටත් මෙසේ කියයි. ජනාධිපති කාල සීමාව ඉකුත්වීමට මාස 16කට පෙර එනම් 2015 ජනවාරියේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට රාජපක්ෂ මහතා අදහස් කර ඇත. ඔහුගේ නායකත්වය යටතේ 2009දී සිවිල් යුද්ධය අවසන් විය. ජනාධිපතිට තරග කළ හැකි සිමාව 2010දී ඉවත් කෙරුණි. සාමයේ ප‍්‍රතිලාභ ලෙස රට පුරා පුළුල් යටිතල පහසුකම් ගොඩනැගීමට විශාල ආයෝජනයක් කෙරුණි.

    2010 වසරේ දී පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි 60%කට වැඩි ආසන සංඛ්‍යාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ එක්සත් ජනතා සන්ධාන පෙරමුණට හිමි විය.මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැති පළාත් සභා මැතිවරණවලදී ප‍්‍රාන්ත දෙකක 55%ක ඡන්ද එම පෙරමුණට හිමි විය. මාර්තු මස පැවැති පළාත් සභා ඡන්දයේ දී එම ප‍්‍රාන්තයේ 51%ක ඡන්ද පොදු පෙරමුණට හිමි විය. විපක්ෂයේ කිරීම පක්ෂයකට 40%කට වඩා ඡන්ද නොලැබිණි.

    එස්.සී. ව්‍යාපාරික කොටස් සමාගමේ ප‍්‍රධාන විධායක හර්ෂ ප‍්‍රනාන්දු ෆෝබ්ස් සඟරාවට කළ ප‍්‍රකාශයකින් මෙසේ දක්වයි.
    "බැංකු ණය අනුපාතය අඩු මට්ටමක පවතින අතර කොටස් වෙළෙඳපොළ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරයි. එම වර්ධනය දිගටම පවත්වා ගත හැකි වේ යැයි අපේක්ෂා කෙරේ. ලබන වසරේ දී මැතිවරණයෙන් දේශපාලන ස්ථාවරත්වය තවත් තහවුරු වූ විට කොටස් වෙළෙඳපොළේ වර්ධනය දිගටම පවත්වා ගත හැකි යැයි මම සිතමි.”

    ෆෝබ්ස් සඟරාවේ වාර්තාකරු ජෝන් ස්පි‍්‍රන්ගර් ඉන් පසු අදහස් විමසුවේ සොෆ්ට් ලොජික් කොටස් වෙළෙඳපොළේ ස්ථාවර වර්ධනය පවත්වා ගැනීමට සමත් වුණා. එයට ප‍්‍රධාන හේතුවක් වුයේ අඩු පොලී මට්ටමක් පවත්වා ගැනීමයි. ලබන වසරේදී ද කොටස් වෙළෙඳපොළේ ආයෝජකයින්ට හොඳ ප‍්‍රතිලාභ ලැබීමට පුළුවන්. ක‍්‍රමයෙන් බැංකු ණය වර්ධනය වීමත් සමඟ සමාගම් ඉපැයීම් ද ඊට සමානුපාතිකව වර්ධනය වන බැවින් කොටස් වෙළෙඳපොළ ද එහි ප‍්‍රතිලාභ ලබනු නිසැකය. ඒ අතර තුර දේශපාලන ස්ථාවරත්වය නිසා ඉදිරි තෙවසර තුළදී ආර්ථික වර්ධන වේගය 7% ක මට්ටමේ පවත්වා ගත හැකි යැයි අපේක්ෂා කෙරේ. මේ සියල්ල කොටස් වෙළෙඳපොළේ වර්ධනයට හේතු වේ.

    සිලෝන් කොටස් කළමනාකරණ සමාගමේ ආර්ථික උපදේශක මයිකල් පේ‍්‍රයිස් ෆෝබ්ස් සඟරාවට පළ කළේ වඩා සුබවාදී අනාවැකියකි. ඉදිරි පස් වසර තුළ කොටස් වෙළෙඳපොළේ වාර්ෂික වර්ධනය 25% දක්වා ඉහළ යනු ඇත. 7% හෝ 8% වාර්ෂික වර්ධනයට අමතර ව තවත් සුබදායක ලකුණු එමටය. බොහෝ දෙනා නොදන්නා කරුණක් නම් ශී‍්‍ර ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉන්දියාවේ මෙන් දෙගුණයක් බවය.

    මයිකල් පේ‍්‍රයිස් පෙන්වා දෙන්නේ මීට අවුරුදු එකහමාරකට පෙර ආයෝජන සඳහා නුසුදුසු රටක් ලෙස සලකන ලද ඉන්දියාව, අගමැති නරේන්ද්‍ර මෝදී මහතා බලයට පත්වීමෙන් පසු විදේශ ආයෝජකයින්ගේ දැඩි උනන්දුවට ලක් වූ රටක් බවට පත් වී ඇති බවය. ඉන්දියාවේ ආර්ථික වර්ධනය ශී‍්‍ර ලංකාවට දෙයාකාර ප‍්‍රතිලාභ ලැබේ. දෙරට අතර සවිමත් වෙළෙඳ සබඳතා හා භූගෝලීය ආසන්නතාව නිසා ඉන්දියාවේ විදේශ ආයෝජන ගලා එන විට ආයෝජකයින් ආසන්න රටවල් දෙස ද බලන අතර නිතැතින් ම ශී‍්‍ර ලංකාවේ ආයෝජන සඳහා ඔවුන් උනන්දු වේ.

    සිවිල් යුද්ධය අවුරුදු 26ක කාල සිමාව සංචාරක කර්මාන්තයට හානිකර එකක් විය. ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික ස්ථාන, මුහුදු වෙරළ, වන දිවිය සහ ස්වාභාවික සුන්දරත්වය දැක ගත හැකි වූයේ ඉතාමත් සීමිත සංචාරක සංඛ්‍යාවකට පමණි. දැන් සංචාරක සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතී. මේ වසරේ අගෝස්තු මාසයේදී පැමිණි දස ලක්ෂ වන සංචාරකයාව ඉමහත් හරසරින් ගුවන් තොටුපොළේදී පිළිගැනිණි. යුරෝපයෙන් සහ මැද පෙරදිගින් පැමිණෙන සංචාරක සංඛ්‍යාව ක‍්‍රමානුකූල ව ඉහළ යමින් පවතී.

    ශී‍්‍ර ලංකාවේ සංචාරකයින් පැමිණෙන රටවල් අතර ප‍්‍රථම තැන ගන්නේ ඉන්දියාවයි. සංචාරක වර්ධන වේගය වැඩි ම රට බවට චීනය පත්වූයේ ගිය වසර මෙන් දෙගුණයක් සංචාරකයින් එරටින් පැමිණි නිසාය.

    ශ‍්‍රී ලංකාවේ වරායවල් සහ චීන ආයෝජනය ගැන සඳහන් කරන ෆෝබ්ස් සඟරාවේ ලේඛක ස්පි‍්‍රන්ගර් චීනය ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට ආධාර සපයමින් ප‍්‍රබල කලාපීය දේශපාලන සහ ආර්ථික සගයකු බවට පත්ව සිටී. කොළඹ වරායට පිටතින් මුහුදේ අක්කර 575 ක ප‍්‍රදේශයක් පුරවා සකස් කරන කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය ශී‍්‍ර ලංකාවේ නව වාර්තා සහගත චීන ආයෝජනයකි. මෙය සිංගප්පුරුව සහ ඩුබායි සමඟ තරග වැදී ශී‍්‍ර ලංකාව ප‍්‍රධානතම නාවික කේන්ද්‍රයක් බවට පත්වීමට දරන එඩිතර ප‍්‍රයන්තයේ පියවරකි.

    චීනය මුදල් යෙද වූ ශී‍්‍ර ලංකාවේ අනෙකුත් වරායවලට අමතරව මෙම කොළඹ වරාය නගරය සඳහා පමණක් වැය කරන ලද ඩොලර් බිලියන 1.4 කි. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන හවුල්කරුවා ලෙස ඉන්දියාව තවදුරටත් තම ස්ථානය රැකගෙන සිටින අතර දෙවන ස්ථානයේ පසු වූ එක්සත් ජනපද අභිබවා චීනය එම ස්ථානයට පත්ව සිටී.

    ලෝක බැංකුවේ මතයට අනුව ඉදිරි අවුරුදු දෙක තුන තුළ දී ශී‍්‍ර ලංකාවේ ඒක පුද්ගල ආදායම මැදි ආදායම් ලාභී රටවල් මට්ටමට පත්වනු ඇත. ශ්‍රී ලංකාව මැදි ආදායම් ලාභි රටක් වූ විට ණය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබිඹු කරන ලේඛනයේ ද ඉහළ මට්ටමකට පත්වනු ඇත.

    එහෙත් සෑම දෙනාගේම මතය නම් ජනවාරි ජනාධිපතිවරණයේදී ආර්ථිකයේ ස්ථාවරත්වය තව දුරටත් තහවුරු වන බවත් දීර්ඝ කාලීන වශයෙන් ශී‍්‍ර ලංකාවේ ස්ථාවර වර්ධනයක් ඇති වන බවත්ය.

    NDH/priu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya