මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහඋස්වැව, රතනපාල විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට

    නොවැම්බර් 02, 2014
    මහඋස්වැව, රතනපාල විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (01) සිසු අයිතියට පැවරිණි.
     
    අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ පරිගණක 40කින් යුත් පරිගණක විද්‍යාගාරයකින්, පරිගණක 20කින් යුත් භාෂාගාරයකින්, ගණිතාගාරයකින්, නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් හා උසස් පෙළ විද්‍යාගාරයකින් මෙම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සමන්විතය.
     
    විද්‍යාගාර සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව සොයා බැලීය. 
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස බලල්ල, නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී, පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අයෝමා රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya