මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පදවි ශී‍්‍ර පුර හා ගෝමරන්කඩවල නව ප‍්‍රාදේශීය සභා ගොඩනැගිලි ජනතා අයිතියට

    ඔක්තෝබර් 30, 2014
    සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් පුළුල් කරමින් සහ කාර්යක්ෂම සහ විධිමත් සේවාවක් සැපයීමේ අරමුණින් සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකරන ලද පදවි ශී‍්‍ර පුර හා ගෝමරන්කඩවල ප‍්‍රාදේශීය සභා නව ගොඩනැගිලි සංකීර්ණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (29)  පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි. 
     
    නව ගොඩනැගිලි ජනතා අයිතියට පවරාදීමට එහි ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එම ජනතාවගෙන් හිමිවූයේ ද ඉහළ ප‍්‍රතිචාරයකි. ප‍්‍රාදේශීය සභා සංකීර්ණය වෙත රැස් ව සිටි ප‍්‍රදේශයේ ජනතාව අති විශාල පිරිසක් පි‍්‍රති ඝෝෂා නඟමින් ජනාධිපතිතුමාව පිළිගත්හ.
     
    සමරු ඵලක නිරාවරණය කර නව ගොඩනැගිලි ජනතා අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමඟ ද සුහද කතා බහක නිරත විය.
     
    රුපියල් මිලියන 40 ක වියදමින් ඉදි කළ පදවි ශී‍්‍ර පුර ප්‍රාදේශීය සභා නව ගොඩනැගිල්ල පරිපාලන සංකීර්ණයක්, ශ‍්‍රවණාගාරයක් හා ප‍්‍රාදේශීය සභා ශාලාවකින් ද සමන්විතය. සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට උපරිම පහසුකම් සලසමින් අංග සම්පූර්ණ ගොඩනැගිලි සංකීර්ණයක් ලෙස එය ද ඉදිකර ඇත. 
     
    මේ අතර ගෝමරන්කඩවල ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානය වෙතද ඉන් අනතුරු ව ගිය ජනාධිපතිතුමා එහි විහාරාධිපති ගෝමරන්කඩවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය තවලම් හල්මිල්ලෑවේ දේවානන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසීය.
     
    විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු දාන ශාලාව විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතිනි. 
     
    ජනාධිපතිතුමාගේ පැමිණිම සැලවීමෙන් ප‍්‍රදේශයේ අතිවිශාල ජනතාවක් විහාරස්ථානය වෙත රැස්ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන්ගේ ද තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය. 
     
    DB
     
    07
     
     
    08
     
    PADAWIYA
     
    PADAWIYA 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya