මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අය-වැය ප‍්‍රතිලාභ නිසි ලෙස ජනතාව අතට පත්කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් - ජනපති

    ඔක්තෝබර් 27, 2014

    මෙවර අයවැය තුළින් රටේ ජනතාවට ලබාදී ඇති ප‍්‍රතිලාභ නිසි ලෙස ජනතාව අතට පත් කළ හැක්කේ රාජ්‍ය නිලධාරීන්ට බව පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද පැවසීය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසුවේ 2015 අය-වැය යෝජනා පිළිබඳ පරිපාලන සේවා නිලධාරීන් දැනුවත් කිරීමට ඊයේ (26) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති හමුව අමතමිනි.

    2015 අය-වැය කි‍්‍රයාත්මක කිරීමේදී පරිපාලන සේවා නිලධාරීන්ගේ කාර්යභාරය මැයෙන් මෙය සංවිධානය කර තිබුණි.

    මෙහි ප‍්‍රධාන දේශනය නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා විසින් පවත්වන ලදී.

    2015 අයවැය සීත කාමරවල සිට සකස් කළ අයවැයක් නො ව, එය ජනතාවට ඉතා සමීපව ජනතා අදහස් ලබා ගනිමින් සකස් කළ අයවැයක් බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

    රටේ සංවර්ධන වැඩපිළිවෙළේදී මෙන් ම පොදුජන අවශ්‍යතා ඉටු කිරීමේදී ද පරිපාලන සේවා නිලධාරීන් දක්වන දායකත්වයට ද මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපතිතුමා ජනතාවට වඩා හොඳ සමාජ තත්ත්වයක් ගොඩ නඟා දී ජන ජීවිතය පහසු කරලීමට රජය ගෙන යන ඉදිරි වැඩපිළිවෙල සමඟ ඔවුන් එක්වී උපරිම කැපවීමෙන් කටයුතු කරනු ඇති බවට විශ්වාසය පළ කළේය.

    රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට රජය කැප වී සිටින අතර කොළඹට පැමිණෙන රාජ්‍ය නිලධාරීන්ට සහ පරිපාලන සේවා නිලධාරීන්ට අවශ්‍ය නිල නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් ද ඉදිරියේදී කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිනි සෙනරත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන්, පරිපාලන සේවා සංගමයේ සභාපති, කොළඹ දිස්ති‍්‍රක් ලේකම් කමල් පද්මසිරි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya